ප්‍රාණ ඇපකරුවන් 50ක් මරුට . . .

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසනවා.

ඒ බව වාර්තා කර ඇත්තේ හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය විසිනි.

හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරනු ලබන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා බව අමෙරිකානු බලධාරීන් පවසනවා.

ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කරනු ලැබුවා.

දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් ද පහර ගත් පිරිස් අතර වනවා. එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි සඳහන් වනවා.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට පසුගිය දිනවල කටයුතු කර තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු අත්අඩංගුවට . . .

Fri Oct 27 , 2023
මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක රූමත් ගායිකාවකට ලිංගික අතවර කරන ලදැයි එම සංගීත කණ්ඩායේම සාමාජිකයකු වන ගිටාර් වාදකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පදිංචි ගිටාර් වාදකයකි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x