මන්ත්‍රී නීති විභාගයේදී කොපි කරලා . . .

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින්  පැවසේ.

නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.

මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

ඒ අනුව  අදාල මන්ත්‍රීවරයා මෙම පරීක්ෂණය වළක්වා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස යමින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාටත් යම් යම් ආරංචි ලැබෙමින් පවතින බවයි.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්ලැරිස් ද සිල්වා අභාවප්‍රාප්තවේ . . .

Fri Oct 27 , 2023
ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති. 1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ ‘‘මාතලන්‘‘ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. එහි ගීයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x