හෝර්ටන් තැන්නට පිවිසෙන්න නව මාර්ගයක් . . .

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයගම හරහා හෝටන් තැන්න වෙත පිවිසෙන නව පිවිසුම් මාර්ගයක් හෙට (28) සිට විවෘත කිරීමට නියමිතයි.

වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් නව මාර්ගය විවෘත කිරීමට නියමිතයි.

සංචාරකයින්ට ඇවිදීමට සහ බයිසිකල් පැදීමට මෙම මාර්ගය ප්‍රධාන වශයෙන් භාවිතා කළ හැකි බව වාර්තා වේ.

එමෙන්ම කිසිදු හේතුවක් මත වෙනත් වාහන එම ප්‍රවේශ මාර්ගයට ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද සඳහන් වේ.

මෙම නව පිවිසුම් මාර්ගය හේතුවෙන් දියගම ප්‍රදේශයේ සංචාරකයින් මුහුණ දෙන අනතුරු ඉවත් කර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව ද වැඩිදියුණු වන බව වාර්තා වේ.

ඒ අනුව සංචාරකයින්ට ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීමේ තුන්වන මාර්ගය වන්නේ මෙයයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවට මුල්ම පරිඝණකය ගෙනා හැටි ජනපති කියයි . . .

Fri Oct 27 , 2023
ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x