ක්ලැරිස් ද සිල්වා අභාවප්‍රාප්තවේ . . .

ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති.

1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ ‘‘මාතලන්‘‘ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. එහි ගීයක් ද ගායනා කළ අතර නර්තනයක් ද ඉදිරිපත් කළේ සිංහල සිනමාවට නර්තනය මුලින්ම රැගෙන ආ නිලිය ලෙස වාර්තාවක් ද තබමිනි.

1952 දී ‘‘උමතු විශ්වාසය‘‘, චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ක්ලැරිස් ‘‘පුදුම ලේලි , අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, මාතලන්, සොහොයුරෝ, පුරුෂ රත්නය, අල්ලපු ගෙදර, සුන්දර බිරිද‘‘ ඇතුළු 50 සහ 60 දශකයේ තිරගත වූ චිත්‍රපට 28කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිතය නිරූපනය කළාය.

මෑත කාලයේදී ඇය ‘‘මමයි රාජ හා ධවල පවුර‘‘ චිත්‍රපටවලද රඟපෑවේ රංගනයට ඇති ආසාව නිසාය.

අනුරාධපුර හෝලි ෆැමිලි  කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ක්ලැරිය් එවකට පැවැති එස්.එස්.සී. විභාගයෙන් සමත්ව පසුව කලා ක්ෂෙත්‍රයට එකතු වූවාය. ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය. අවිවාහකව සිටි ක්ලැරිස්ගේ අවසන් කටයුතු නාවලදි සිදු කෙරුණේ  ඇගේ අන්තිම කැමැත්ත මතය.

  • සමන්ත යහම්පත්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රාණ ඇපකරුවන් 50ක් මරුට . . .

Fri Oct 27 , 2023
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසනවා. ඒ බව වාර්තා කර ඇත්තේ හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය විසිනි. හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරනු ලබන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා බව අමෙරිකානු බලධාරීන් පවසනවා. ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x