ගුටිබැට ඇනගත් තිදෙනාට පාර්ලිමේන්තු තහනමක් . . .

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරු කරගැනීමක් වූ රාජ්‍ය ඇමතිනිය හා අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට තහනම් කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය විසි වෙනිදා මෙම බැට හුවමාරුව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන තිදෙනා අතරයි.

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුව විසින් සිදුවීමේ කැමරා දර්ශන පරීක්ෂාකර ඇති අතර සිදුවීම ගැන ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මෙම මන්ත්‍රී තිදෙනාද කැඳවා තිබේ.

විමර්ශන කණ්ඩායම වාර්තාව සති දෙකක් ඇතුළත භාරදුන් පසු කතානායකවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සා.පෙළ පමණක් සමත් අය කාලගුණ විද්‍යාඥයන් කරලා . . .

Mon Oct 30 , 2023
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ නිවැරදිව අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති අ.පො.ස. (සා.පෙළ) පමණක් සමත් කාලගුණ විද්‍යාඥයන් පස්දෙනකු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ සේවය කරන බව වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව ) විසින් පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x