බණට වඩින්න ගමේ පන්සල හතලිස්දාහක් ඉල්ලයි . . .

කලවැදි උල්පත ගම්මානයේ නිවසක ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ පදවිය ප්‍රදේශයේ වන වාසී භික්ෂුවකට 100ක පමණ පිරිසක් එක්වී පහරදී ඇත.

සිදුවීම පාලනය කිරීමට පොලීසිය එම අවස්ථාවේ මැදිහත්ව ඇති අතර අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇත.

අදාල දානමය කටයුත්ත පැවැති නිවසේ පුද්ගලයා ගමේ විහාරස්ථානයේ හිමියන්ට දානයට බණට ආරාධනා කළද රුපියල් 40,000 ක මුදලක් දායක සභාවට නොගෙවන්නේ නම් පින්කමට වැඩම නොකරන බව දායක සභාව විසින් දන්වා තිබේ.

මෙම මුදල නියම කර ඇත්තේ එම පන්සලේ දාන වේල් තුනක් ලබාදීමට අතපසු වීම හේතුවෙන් එම දාල වේල්වල පිරිවැය ලෙස ගණනය කරමිනි.

නමුත් එම මුදල ගෙවීමට නොහැකි වීමෙන් වෙනත් පන්සලක භික්ෂුවට මෙම පින්කමට ආරාධනා කර තිබේ.

එම ආරාධනාව පිළිගෙන ගම්මානයට වැඩම කළ හිමියන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර උන් වහන්සේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විසි දාහක් ඉල්ලා රජයේ ඈයෝ මහ පාරට . . .

Mon Oct 30 , 2023
එළැඹෙන අයවැය මඟින් රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් කළමනාකරණ සේවය, සංවර්ධන නිලධාරී සේවය , ග්‍රාම නිලධාරී සේවය , පළාත් රාජ්‍ය සේවාව , කෘෂිකර්ම නිලධාරීන්, කාර්යාල සේවක සේවය ඇතුළු රාජ්‍ය සේවයේ සේවක සේවිකාවන් අද දින කෑම පැයේදි සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇත. එහි ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල, සෙත්සිරිපාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x