මන්ත‍්‍රී රක්‍ෂණය ඉහලට . . .

අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හට ඉක්මවන බව ද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, වාර්ෂික අයවැය මඟින් එම ප්‍රතිපාදන ලබා දෙනු ලබනවා.

රක්‍ෂණ මුදල රුපියල් මිලියන හැට ඉක්මවන්නේ මන්ත්‍රීවරුන්ගේ වයස් සීමා වෙනස් වීම මත අය කරනු ලබන වාරික වටිනාකම වෙනස් වීම, සමාජ ආරක්ෂණ බද්දේ සහ එකතු කළ අගය මත බද්දෙහි සිදුවූ සංශෝධන මත බදු මුදල වෙනස් වීම හේතුවෙන් බව අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුටිබැට ඇනගත් තිදෙනාට පාර්ලිමේන්තු තහනමක් . . .

Mon Oct 30 , 2023
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරු කරගැනීමක් වූ රාජ්‍ය ඇමතිනිය හා අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට තහනම් කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය විසි වෙනිදා මෙම බැට හුවමාරුව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන තිදෙනා අතරයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x