විසි දාහක් ඉල්ලා රජයේ ඈයෝ මහ පාරට . . .

එළැඹෙන අයවැය මඟින් රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් කළමනාකරණ සේවය, සංවර්ධන නිලධාරී සේවය , ග්‍රාම නිලධාරී සේවය , පළාත් රාජ්‍ය සේවාව , කෘෂිකර්ම නිලධාරීන්, කාර්යාල සේවක සේවය ඇතුළු රාජ්‍ය සේවයේ සේවක සේවිකාවන් අද දින කෑම පැයේදි සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇත.

එහි ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිට දී පැවැත්වෙයි.

මෙවර අයවැය මඟින් අදාළ ඉල්ලීම් ඉටු නොවුනහොත් ඉන්පසුව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ලෙස සියලු සේවාවන් ඒකාබද්ධව ජාතික විරෝධතාවක් ලෙසට මෙය පරිවර්තනය කරන බවට ඔවුන් අනතුරු අගවති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට . . .

Mon Oct 30 , 2023
නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ. අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x