සා.පෙළ පමණක් සමත් අය කාලගුණ විද්‍යාඥයන් කරලා . . .

රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ නිවැරදිව අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති අ.පො.ස. (සා.පෙළ) පමණක් සමත් කාලගුණ විද්‍යාඥයන් පස්දෙනකු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ සේවය කරන බව වාර්තා වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව ) විසින් පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණය වී ඇත.

පසුගිය කාලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ඇතැම් අනාවැකි නිවැරදි නොවීම නිසා නිතර නිතර සමාජයේ දෝෂාරෝපණයට ලක්වන අතර විශේෂයෙන් කෘෂිකර්මාන්තයේදීත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදීත් ඉදිරිපත් වූ වැරදි සහගත කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුණා.

ඒ, අනුව මෙම තත්ත්වය ගැන විමර්ශනය කළ කෝපා කමිටුව නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට අත්‍යවශ්‍ය වන ”ඩොප්ලර්” වර්ගයේ රේඩාර් පද්ධතියක් නොමැතිව වසර 15ක් තිස්සේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටට කාලගුණ අනාවැකි හා පුරෝකථන ලබා දී ඇති බවද සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම දෙපාර්තමේන්තුව අනාවැකිකරණයට අවශ්‍ය රේඩාර් පද්ධතියක් ගොන්ගලකන්දේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 402 (කෝටි 40ක් පමණ) වියදම් කර ඇතත් වසර 13ක් තිස්සේ එය හමාර කර නැත.

මේ අතර මෙම රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමට ගෙනා උපකරණවලින් රුපියල් ලක්ෂ 91ක් වටිනා උපකරණ දැනටමත් අතුරුදන් වී ඇති බව ද කෝපා වාර්තාවේ සඳහන් වෙනවා.

දිවයින පුරා පතිත වන වැස්සේ අනුපාතය මනින වැසි මිනුම් කට්ටල 444ක් ස්ථාපිත කර ඇති නමුත් ඉන් මිනුම් කට්ටල 44කින් කිසිදු දත්තයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොලැබෙන බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊශ්‍රායල වීසා බලපත්‍ර අලුත් කරයිද? . . .

Mon Oct 30 , 2023
ඊශ්‍රායලයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබුනේ, වීසා නොමැතිව ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට මැදිව සිටින්නන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන ලෙසයි. ඒ, අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x