සුපිරි බලවතෙකුගේ බලපත් නොමැති බස් 12ක් යාපනයට ධාවනයේ . . .

මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පවා ලබා නොගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් 12ක් ධාවනය කරන සුපිරි බලවතෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ.

මෙම බස් ධාවනයේදී සාමාන්‍ය මාර්ග ධාවන නීතිරීති හෝ වෙනත් නීති ද නොතකා කටයුතු කරන බව අනාවරණය වී ඇත. කොළඹ සිට යාපනය කරා පසුගිය සතියේ ධාවනයට යොදවා තිබූ එම බස් රථයක රියදුරෙකු බීමතින් සිට ඇති අතර මගීන් එය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව රියදුරා අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද අදාළ පොලිස් නිලධාරීන් සඳහා ඉහළින් එල්ල කරන ලද බලපෑමක් අනුව එම රියදුරු නිදහස් කර තිබිණි.

ජින් නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන අයෙකු යටතේ මෙම බස් රථ 12 ධාවනයට එක්කර තිබේ. “අන්නෙයි මුතුමාරි“ යන නමින් මෙම බස් රථ නම්කර ඇති අතර මෙට මාසයකට පමණ පෙර වවුනියා ප්‍රාදේශයේදී සිදු කළ මාර්ග අනතුරකින් වෛද්‍ය ශිෂ්‍යාවක ඇතුළු තිදෙනෙකු මිය ගිය බවද වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප‍්‍රබල ඇමතිගේ වාහනය අනතුරකින් කුඩුපට්ටං . . .

Mon Oct 30 , 2023
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ. දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම අනතුරට ලක්ව ඇත. අදාල සංගීත ප්‍රසංගය පැවැත්වී ඇත්තේ ඉන්දීය කලාකරුවන් පිරිසකගේද සහභාගීත්වයෙනි. ඇමතිවරයා රැඳී සිටි හෝටලයේ සිට කිසියම් කාරණාවක් සඳහා පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ වාහනය ලොරියක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x