සෙවනගල සීනී ෆැක්ටරිය යලි දයා ගමගේට . . .

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ට ලබා දීමේ සූදානමක් ඇතැයි සන්ඩේ අයිලනඩ් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රමේෂ් පතිරණ ගෙන් ඉවත් කර මහින්ද අමරවීර ට ලබා දීම එහි එක් පියවරක් බවය.

එම කර්මාන්ත ශාලාව දයා ගමගේ ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම පතිරණ  ප්‍රතික්ෂේප කර ඇති බවත් එනිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කර මහින්ද අමරවීර ට ලබා දී ඇති බවත් වාර්තාව කියා සිටියි.

දයා ගමගේ මහතා මීට පෙර ද එම කර්මාන්ත ශාලාව හිමිව තිබූ අතර පසුව මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේ එය රජයට පවරා ගනු ලැබීය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවක් ලාබ නොලබන ආයතන ලෙස ලැයිස්තු  කර  තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මන්ත‍්‍රී රක්‍ෂණය ඉහලට . . .

Mon Oct 30 , 2023
අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හට ඉක්මවන බව ද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, වාර්ෂික අයවැය මඟින් එම ප්‍රතිපාදන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x