යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුවන දිනය . . .

යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.

කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් කිරීම හේතුවෙන් එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලි බිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය . . .

Tue Oct 31 , 2023
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x