වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය . . .

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස් ඇති බවය.

එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.

– dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වී චැට් භාවිතය තහනම් කරමින් නියෝගයක් . . .

Tue Oct 31 , 2023
වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් කරමින් කැනඩාව නියෝගයක් නිකුත් කර තිබේ. එරට තොරතුරු මේ හරහා සොරා ගැනීමට පවතින හැකියාව සළකා මෙය සිදුකර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කළේය. වී චැට් හරහා, ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත ගමන් කිරිමේ හැකියාව පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x