වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් කරමින් කැනඩාව නියෝගයක් නිකුත් කර තිබේ.
එරට තොරතුරු මේ හරහා සොරා ගැනීමට පවතින හැකියාව සළකා මෙය සිදුකර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වී චැට් හරහා, ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත ගමන් කිරිමේ හැකියාව පවතින අතර චීනය විසින් හදුන්වා දී ඇති මෙය ලොව පුරා බොහෝ දෙනා භාවිත කරන යෙදවුමකි.