සටන් විරාම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි . . .

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර ඇත.

ටෙල්අවිව් නුවරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බවය.

“සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් යනු ඊශ්‍රායලය හමාස් වෙත යටත් වන ලෙසත්, ත්‍රස්තවාදයට යටත් වන ලෙසත්…,” ඔහු කියා සිටියේ ඊශ්‍රායලය “මෙම සටන ජය ගන්නා තුරු සටන් කරන” බවට සපථ කරමිනි.

බයිබලය උපුටා දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මේ යුද්ධය සඳහා කාලය වන බවය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානූෂීය සටන් විරාමයක් සඳහා නැවතත් ඉල්ලීම් කර තිබුණි.

යුනිසෙෆ් පවසන්නේ ගාසා තීරයේ තත්ත්වය පැයෙන් පැය නරක අතට හැරෙමින් පවතින අතර, “මෙම නවතම උත්සන්න වීමේ සැබෑ පිරිවැය දරුවන්ගේ ජීවිත තුළ මනිනු ඇති” බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුවන දිනය . . .

Tue Oct 31 , 2023
යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x