අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක් . . .

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත.

ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ “The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම විශේෂත්වයකි.

මෙවර මෙම උළෙල සඳහා රවිඳු ප්‍රනාන්දුගේ “Pieta’’ කෙටි චිත්‍රපටය ද තරග වැදුණි. ‘‘සීඩ්ස්’’ චිත්‍රපටය හොඳම නළුවා, නිළිය, හොඳම සහාය නළුවා හා හොඳම චිත්‍රපටය යන සම්මාන සඳහා නිර්දේශ වී තිබිණි. ජයග්‍රාහකයන්ට සම්මානය සමග කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සහතිකය ප්‍රාන්ත සභාව මගින් පිරිනැමීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

 

 

 

 

 

 

 

  • සමන්ත යහම්පත්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සියැට් මුල මතක් කළ ජනපති . . .

Wed Nov 1 , 2023
සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x