දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම නිසා එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.
වැසි තත්ත්වය සමග බෝංචි, ගෝවා, තක්කාලි වගාවන්ට දැඩි හානි වීම නිසා ආර්ථික මධ්‍යස්ථාන වලට ලැබෙන එම එළවළු තොග විශාල ලෙස අඩුවී ඇත.
මේ වනවිට බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400 ත් 420 ත් අතර මිලක් දක්වාද මාළු මිරිස් කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාද අමු මිරිස් කිලෝව රුපියල් 400 ත් 500 ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබේ.
ඉදිරි කාලයේදී එළවළු සැපයුම තවදුරටත් අඩුවීමෙන් එළවළු මිල තවත් වැඩිවිය හැකි බවද ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.
- සාලිය කුමාර ගුණසේකර