දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට නිශ්චිතම හේතුව ප්‍රකාශයට පත් කෙරේ . . .

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කළේය.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන් වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක් . . .

Wed Nov 1 , 2023
ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x