පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් මිල යළි ඉහළට . . .

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසිනි.

මේ අතර මෙතෙක් රුපියල් 351ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.

එමෙන්ම මෙතෙක් රුපියල් 421ක්ව පැවත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 431ක් ලෙස සටහන් වේ.

එමෙන්ම මෙතෙක් රුපියල් 242ක්ව පැති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසයි.

විශේෂයෙන් මෙතෙක් රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356ක් ලෙසය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සියලුම රියදුරු බලපත්‍ර අලුත් වෙයි . . .

Wed Nov 1 , 2023
දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර ඇති බව වාර්තා වනවා. මාධ්‍ය වාර්තාවලට අනුව, DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ, ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x