මහල් නිවාසවල අයිතිය පැවරීම ගැන සොයා බැලීමක් . . .

මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙන්ම අමාත්‍යංශයේ මහජන දිනයේද ජනතාවගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව සෘජුවම පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දකි. එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් නිවාස 24න් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

ඒ අනුව නිවසට අදාළව සම්පූර්ණ වටිනාකම හා දඩ මුදල් ගෙවා අවසන් කරන ලද ගැනුම්කරුවන් 247ක් වෙත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස සින්නක්කර පදනම මත බැහැර කිරීම සිදුකර ඇත.

මුල් අයිතිකරු ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය විසින් මෙම නිවසට අදාළව බැංකු ණය මුදලක් ලබාගෙන නොමැති නම් අයිතිකරුගේ දරුවන් සඳහා අදාළ නිවසේ හිමිකම සෘජුවම පැවරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පවරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එළවළු මිල ඉහළට . . .

Wed Nov 1 , 2023
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම නිසා එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. වැසි තත්ත්වය සමග බෝංචි, ගෝවා, තක්කාලි වගාවන්ට දැඩි හානි වීම නිසා ආර්ථික මධ්‍යස්ථාන වලට ලැබෙන එම එළවළු තොග විශාල ලෙස අඩුවී ඇත. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x