සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කැපූ බිරිඳක් . . .

තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි කාන්තාවක රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර තිබේ.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකට යොමු කර මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ වෛද්‍ය වාර්තාව නොවැම්බර් 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට නියෝග කර ඇත.

තොප්පිගල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන මෙම පුද්ගලයා දිවා කාලයේ නිවසේ නිදාගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අඟල් දෙකක් පමණ කපා බරපතළ තුවාල සිදු කර ඇති බව ත් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව ත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය සඳහන් කළේ ය.

අගතියට පත් පැමිණිලිකාර යුද හමුදා සෙබළා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ දිමුතු බණ්ඩාර සඳහන් කළේ, මෙරට පැවති තිස් වසරක යුද්ධයේ දරුණු සටන් අවස්ථාවලදී පවා මුහුණ දුන් යුද හමුදා සෙබළෙකු වන සිය සේවාදායකයා යුද සටන් පැවති යුද බිමේදී පවා මෙවැනි විපතකට මෙන් ම වේදනාවකට පත් නොවූ බව ය.

සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සංජය රත්නායක ප්‍රශ්න කර සිටියේ, පැමිණිලිකරු යුද හමුදා සෙබළෙකු නම් සිය බිරිඳ ඔහුගේ පුරුෂ ලිංගය ගිරයකින් කපන තුරු ඔහු බලා සිටියේ මන් ද? යන්න ය. දරුණු යුද අවස්ථාවන්වලට මුහුණ දී සිය ජීවිතය සහ අත පය ආරක්ෂා කර ගත් හමුදා සෙබළෙකුට තම බිරිඳගෙන් සිය පුරුෂ ලිංගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි? යනුවෙන් ද ඔහු විමසීය.

 

  • Ananda Karunadasa – Anuradhapura
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගාසා තීරයෙන් පිටවී යන්න ශ්‍රී ලාංකිකයන්ට අවසර ලැබෙයි . . .

Thu Nov 2 , 2023
ඊශ්‍රායලය විසින් දරුනු ප්‍රහාර එල්ල කරන ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන්ට ඉවත්යාමේ අවස්ථාව ඊශ්‍රායලය ලබා දී ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් පල කළ සවිස්තර සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. රෆා දේශසීමාව: ගාසා තීරයේ රැඳී සිටින ලාංකිකයින්ට ඉන් පිටව යෑමට අවසර හිමිවෙයි ගාසා තීරයේ රැඳී සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x