කාලගුණේට කෝටියක දීමනා ගෙවලා . . .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා  පසුගිය 2022 වර්ෂයේදී  ඇඟිලි සලකුණු යන්ත්‍ර   මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අතිකාල හෝ  නිවාඩු දින  ආදී  දීමනා  ගෙවීම්  කිරීමට  කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ  පහසුකම නොමැති බවයි.

වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත්  ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එම නිලධාරීන්  ප්‍රකාශ කර ඇත.

චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව  විගණන  නිලධාරීහු  එම නිලධාරීන්ට මෙහිදී නිර්දේශ කළහ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමාත්‍යවරුන් ගෙවන්නේ අපහසු ජීවිතයක් . . .

Fri Nov 3 , 2023
ඇමතිවරුන්ට පහසුකම් නොමැති බවත් නිල රථයක් නඩත්තු කිරීමටවත් මුදල්, අමාත්‍යාංශ තුළ නොමැති බවත් අමාත්‍යවරුන් ගෙවන්නේ ඉතා අපහසු ජීවිතයක් බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඊයේ (02) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රජයේ වැඩසටහනකදී අදහස් දක්වමින් පවසා තිබේ. පසුගිය ආණ්ඩු සමයන් තුළ ඇමතිවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමා අසා ඇති නමුත් වර්තමාන ඇමතිවරු ගෙවන්නේ ඉතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x