ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ . . .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර පැවසීය.

උඩවලව ජලාශයේ ද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර තිබේ.

ඒ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත ව වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණි සඳහා පනවා තිබු ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු විය යුතු බව එස්.පි.සී.සුගීෂ්වර අවධාරණය කර ඇත.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රාශියක් ම පිටාර ගොස් ඇති බව වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මීළඟ තරග දෙකම ජය ගන්නවා . . .

Sat Nov 4 , 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගයට සහභාගීවීම උදෙසා ශ්‍රී ලංකා පිල ඊයේ නවදිල්ලිය වෙත ළඟ විය. ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමඟ තරගය මේ මස 6 වැනිදා නවදිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී හා නවසීලන්තය සමඟ තරගය මේ මස 9 වැනිදා බෙංගලෝරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඉතිරිව ඇත. ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේ මෙතෙක් තරග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x