නුවරඑළිය නගරයේ ඇති සංචාරක ආකර්ෂණය දිනා ගත් වත්මන් තැපැල් කාර්යාලයද පිහිටා ඇති ඉතා පෞරාණික ගොඩනැගිල්ල ආයෝජකයෙකුට ලබා දීමට තමන් තීරණය කර ඇති බැවින් වහාම එම ගොඩනැගිල්ලේ පිහිටි තැපැල් කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනයන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාරට තර්ජනාංගුලි එල්ල කර තිබේ.
ඒ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීය.
මෙහිදී සභාව මෙහෙයවමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක – “නගරයේ පවත්නා රජයේ ගොඩනැගිලි කිහිපයක් සංචාරක භාවිතය සඳහා යොදාගැනීම. අතිගරු ජනාධිපතිතුමා මගින් දීපු තීන්දුව… නුවරඑළිය තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ආදායම් බදු කාර්යාලය වෙනස් සුදුසු ස්ථානයක ස්ථාපිත කර එම ගොඩනැගිලි සංචාරක කර්මාන්තය හෝ වෙනත් සුදුසු ආයෝජනයක් වෙනුවෙන් යොදාගැනීමට සුදුසු ආයෝජකයන් තෝරා ගන්නා ලෙස.”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “තැපැල්පතිට කියන්න, ජනාධිපති තීන්දුවකට එකඟ වෙන්නේ නැත්නම් මට අලුත් තැපැල්පති කෙනෙක් හොයන්න වෙයි කියලා. කරුණාකරලා ඒ ඉඩම අරගන්න ක්‍රියා කරන්න.”
ජනාධිපති තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි – “මේක දෙනවද නැද්ද?”
තැපැල් දෙපාර්තමේන්තු නිලධාරියෙකු – “පිටිපස්ස කොටසින්…”
ජනාධිපති – නෑ නෑ මට ගොඩනැගිල්ලම ඕනා.”
මන්ත්‍රී එස්.බී දිසානායක – “පිටිපස්ස කොටස දීල වැඩක් නැහැ.”
ජනාධිපති – “වැඩක් නැහැ”
මන්ත්‍රී එස්.බී දිසානායක – “අපි තැපැල් කන්තෝරුව ගමු වෙන තැනකට.”
ජනාධිපති – “අලුත් තැනකට දාන්න. මොකක්ද මේ ඔයගොල්ලො කරන්නේ ඔච්චරකල් ? මම මෙතන කිව්වේ මුළු බිල්ඩිමම ඕනෙ කියලා. අද කරනවද නැද්ද කියලා මට කියන්න. කරනවද නැද්ද?”
තැපැල් දෙපාර්තමේන්තු නිලධාරියෙකු – “කරනවා”
ජනාධිපති – “එහෙනම් අද යන්න කලින් එකඟ වෙලා යන්න. වෙන තැනක් හොයාගන්න, යන්න. මේ කිව්වයින් පස්සෙ සෙල්ලම් කරන්න එපා. ගිය සැරේ කිව්වහමත් ඕක බ්ලොක් කරානේ. 2017යි 2019යි අතර. නැත්නම් මෙතන හොටලක් තියෙනවා. මෙතනත් යූනියන් එක විරුද්ධයි කියලා කියන්නේ. මේ සෙල්ලම මං එක්ක කරන්න එපා.
තැපැල් දෙපාර්තමේන්තු නිලධාරියෙකු – “සර් අපි තැපැල් කන්තෝරුවට වැඩපිළිවෙළක් හඳුනගෙන පෙන්නලා තියෙනවා දැනට පරණ නගර සභාවේ ගොඩනැගිල්ල.”
ජනාධිපති – “ඊට පස්සේ මහනුවර ගොඩනැගිල්ලත් ඕන හෝටලයක් කරන්න. ඒකටත් ලෑස්තිවෙන්න. මාත් එක්ක ආපහු මේවා කරන්න එපා. ඒගොල්ලන්ට ඉඩම් දෙන්න ඕනේ කියනකොට දෙන්න. මේක ඔක්කොම මෙව්වා කරලා සතියකින් ඉවර කරන්න.”