ප්‍රතිදේහ ඖෂධය ගැන හෙළිදරවූවක් . . .

ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය ඒ බව සඳහන් කළේය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලින් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක එම ඖෂධ ආනයනය කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

එහි දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ, අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුව ද ඒවා මෙරට දී නිෂ්පාදනය කර ඇති බවයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන . . .

Mon Nov 6 , 2023
අලුතින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති ලෙස තමා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට උපරිම සහයෝගය ලබාදෙන බව අර්ජුන රණතුංග පවසනවා. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත්, පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x