ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා . . .

ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත  විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත වැටී ඇතැයි  වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ ජූනි මාසයේදී සියයට 12 ක් වූ ජනතා තෘප්තිය ඔක්තෝබර් මාසයේදී සියයට 6 දක්වා හරි අඩකින්  පහත වැටී ඇති බව රට හිතන හැටි ජනමත විමසුමෙන් හෙළි වී ඇත.ජූනි මාසයේදී රටේ ආර්ථිකය පිළිබඳ ජනතාව අතර පවතින විශ්වාසය සෘණ සියයට 44 ක්ව පැවති බවත් එය ඔක්තෝබර් මාසයේදී සෘණ සියයට 62 ක් දක්වා පහත වැටී ඇති බවත් රට හිතන හැටි ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල වලින් අනාවරණය වී තිබේ.එය සියයට 18ක පහළ යාමකි.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි . . .

Sun Nov 5 , 2023
කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ. ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x