සීනි සඳහා උපරිම සිල්ලර මිලක් . . .

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, පැකට් නොකළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

තව ද පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මෙම මිල ගණන් අද (නොවැ. 3) සිට ක්‍රියාත්මක කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක් . . .

Sun Nov 5 , 2023
ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය. සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය. මෙම සීනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x