සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක් . . .

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.

මෙම සීනි මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.

මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් විපක්ෂනායකවරයා කීවේය.

  • නිමල කොඩිතුවක්කු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයම ඉන්දියාව බලහත්කාරයෙන් අරන් . . .

Sun Nov 5 , 2023
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි පවා බලහත්කාරයෙන් ඉන්දියාව  අත්පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස චෝදනා එල්ල කරන්නේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්. ඒ, එම තෙල් ටැංකි සංකීර්ණයේ කළ නිරීක්ෂණයකින් අනතුරුවයි. නමුත් එම ගමනේදී අවසරයකින් තොරව තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x