අලුතින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති ලෙස තමා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට උපරිම සහයෝගය ලබාදෙන බව අර්ජුන රණතුංග පවසනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත්, පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත්ය.
“ක්‍රීඩා ඇමතිතුමා තමයි ඒක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෑහෙන කාලයක් එතුමා මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ. එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් තියෙනවා. ඒ හරහා අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා. මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව.”
Wayomi