උග්‍ර විෂ සහිත මත්ස්‍යයකු වන ගොන්මහා ( Strong Fish ) නැමැති මත්ස්‍යයා මේ දිනවල ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ සැරිසරන නිසා ප්‍රදීපාගාරය ආසන්නයේ මුහුදේ නාන විට එම මත්ස්‍යයාගේ සිරුරේ ඇති උග්‍ර විෂ සහිත කටු ඇනීමෙන් වැළකීම සඳහා සෙරෙප්පු දෙකක් හෝ කිමිදෙන විට පළඳින වරල් පාවහන් දෙකක් පළඳින ලෙස රුහුණු වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ජනක රූබන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීපාගාරය අසල මුහුදේ නාමින් සිටින විට ගොන්මහා මත්ස්‍යයාගේ කටු ඇනී උග්‍ර විෂ ශරීරගතවීමෙන් රෝගීවු කීප දෙනෙකුම පසුගිය දිනවල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ බවද වෛද්‍ය ජනක රූබන් සඳහන් කළේය මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය ජනක රූබන් මෙසේද කීය.
ගොන්මහා නැමැති මත්ස්‍යයා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදේ ඉන්නවා. ඒ වගේම ගොන්මහා මත්ස්‍යයා ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මුහුදේ ජීවත් වෙනව. මේ දිනවල ගොන්මහා මත්ස්‍යයා ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ සැරිසරනව. අභිජනන කටයුතු සඳහා වෙරළේ ගොඩබිම ආසන්නයට එන බව විශ්වාස කරනව.
මෙම මත්සයා පීනා ගෙන ඇවිත් කටු අනින මත්ස්‍යයෙකු නෙවි. ඒ වගේම පීනන්න පුළුවන්කකමක් නැහැ. ඉතා හෙමින් ගමන් කරන මත්ස්‍යයෙකි.කොයිතරමි හෙමින් ගමන් කරනවාද කියනවනම් මේ මාලුවගේ පිටේ පාසි බැදිලා. වැලිවලින් වැහිල. ගොන්මහා මත්ස්‍යයාගේ පිටේ කටු දහ තුනක් තියනව මෙම මත්ස්‍යයාගේ කටු පෑගුණොත් ඇතිවන වේදනාව දරා ගන්න බැහැ.
මුහුදේ නාන විට ගොන්මහා මත්ස්‍යයාගේ කටුවක් ඇනුණොත් වහාම ගොඩබිම වෙත පැමිණි වාඩි වෙන්න. කටුව ඇනුණු කකුල උණුසුම් වතුර භාජනක දමන්න.
ඊටපසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත වෙන්න.
මෙම මත්ස්‍යයා ගල්පර මත හෝ ගල්පර අයිනේ ඉන්න මත්ස්‍යයෙක්. මේ දිනවල නොගැඹුරු මුහුදේ වැලිතලා මත ඉන්නව. කුඩා ගල්පර කැබැල්ලක් වගෙයි. මත්ස්‍යයෙක් කියා හිතා ගන්නවත් බැහැ යයිද ජනක රූබන් පැවසීය.
- දකුණු පළාත් සංචාරක එස් දීයගහගේ