මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි . . .

බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි.

එම මගී ගුවන් පාළම අබලන් ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ලැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලුපාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කළ හැක.

කොල්ලුපිටිය සිට මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලු පාරට පැමිණ ඩුප්ලිකේෂන් පාර ඔස්සේ වැල්ලවත්ත දක්වා ගමන් කළ හැක.

වසා තබන ප්‍රදේශය හැරුණු විට මුහුදුබඩ මාර්ගයේ අනෙකුත් ප්‍රදේශවල දෙපසටම වාහන ගමන් කිරීමේ හැකියාව ඇති බවත් පොලීසිය තවදුරටත් පවසයි.

  • නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජාංගණය – අංගමුව – උඩවලව වාන් දොරටු අරී . . .

Mon Nov 6 , 2023
අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණ, අංගමුව හා උඩවළව ජලාශවල වාන් දොර‍ටු විවෘත කර තිබේ. ඉකුත් දා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 8 දක්වා වැඩි කර තිබේ. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වැඩි වතුර තප්පරේට ඝන අඩි 10850ක් කලාඔයට මුදා හරිනු ලබයි. අයහපත් කාලගුණය හේතුවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x