වෙරි වූ කතුන් දෙදෙනා කොස්තාපල්ට ගහලා . . .

කොළඹ ,ග්‍රෙගරි පාර ප්‍රදේශයේ මෝටර් රථයක් නතර කරගෙන ඊයේ (5) මධ්‍යම රාත්‍රීයේ දී එම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමක් සිදුව තිබේ.  

පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හමුදාවට කියලා ලක්ෂ ගානක හාල් උස්සලා . . .

Mon Nov 6 , 2023
යුධ හමුදා කඳවුරකට හාල් අවශ්‍ය බවට මෝලකට ව්‍යාජ ඇමතුමක් දී රුපියල් ලක්ෂ දෙකහමාරක හාල් උස්සලා. දොඔගොඩ යුධ හමුදා කඳවුරට සහල් අවශ්‍ය බවට දුරකතනයකින් ව්‍යාජ ඇනවුමක් ලබාදි කදවුර ආසන්නයට සහල් ගෙන ආ පසු ⁣ ලොරි රථයකින් පැමිණ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ සහල් තොගයක් පටවාගෙන පලාගොස් තිබේ. මෙලෙස සහල් ඇණවූම් කර තිබෙන්නේ හොරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x