යුධ හමුදා කඳවුරකට හාල් අවශ්‍ය බවට මෝලකට ව්‍යාජ ඇමතුමක් දී රුපියල් ලක්ෂ දෙකහමාරක හාල් උස්සලා.
දොඔගොඩ යුධ හමුදා කඳවුරට සහල් අවශ්‍ය බවට දුරකතනයකින් ව්‍යාජ ඇනවුමක් ලබාදි කදවුර ආසන්නයට සහල් ගෙන ආ පසු ලොරි රථයකින් පැමිණ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ සහල් තොගයක් පටවාගෙන පලාගොස් තිබේ.
මෙලෙස සහල් ඇණවූම් කර තිබෙන්නේ හොරණ කුඹුක ප්‍රදේශයේ ඇති සහල් මෝලකින්ය.
හොරණ දොඹගොඩ හමුදා කඳවුරට සහල් අවශ්‍ය බවට කිසියම් පුද්ගලයෙකු විසින් දුරකතනයෙන් ඇනවුම් ලබා දී ඇති අතර සහල් ගෙනා පසුව “මම කෑම්ප් එක ඇතුලේ ඉන්නවා මේ නම්බරේට කතා කරන්න” කියා නම්බරයක්ද ලබා දී ඇත.පසුව එම සහල් මෝලේ ලොරි රථයක් මගින් ඊයේ (5) සවස සහල් තොගය දොඹගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අදාල දුරකථන අංකයට දැනුම් දීමෙන් පසුව ලොරි රථයකින් පැමිණ හොරණ හමුදා කඳවුරට සහල් තොගයක් යැවිය යුතු බව පවසමින් සහල් මෝලේ ලොරි රථයෙන් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා සහල් තොගයක් පටවාගෙන ගොස් ඇති අතර ඉතිරි තොගය දොඹගොඩ කඳවුරට ලබාදීමට යාමේදී එවැනි ඇණවුමක් නොකල බවට සැලවීමත් සමඟ මෙය ව්‍යාජ ඇනවුමක් බවට වටහාගත් මෝල් හිමියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
පොලීසිය විසින් ලොරි රථයේ අංකය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එය ගම්පහ ප්‍රදේශයට අයත් බවට තහවුරුව ඇති අතර ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබාගත් දුරකත ඇමතුම් ඔස්සේ අගුරැවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
- නයනදුල සෙන්දනායක -හොරණ