ජල ගැලීම්වලින් යාපනය යටවේ . . .

පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උතුරු පලාතට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් පහත් බිම් මෙන්ම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවන් එල්ල වී ඇත.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලටද බාධා එල්ලවී ඇත අතර වව්නියාව , යාපනය, මුලතිව් , මන්නාරම් සහ කිලිනොච්චි යන දිස්ත්‍රීක්කයන්ට මෙලෙස දැඩි වර්ෂාවන් ලැබෙමින් පවතී.

උතුරු පලාතේ වැසි වලාකුලුවලින් බරව පවතින අතර වර්ෂාපතනයත් සමග මාර්ගවල ගමන්කිරීමේදී සැලකිලිමත්වන ලෙස පොලීසිය දන්වා සිටියි.

මෙවර මාස්කන්නයේ වගාකල කුඹුරු ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක්ද ජලගැලීම්වලට හසුවීමෙන් ගොවි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

  • වන්නි රොමේෂ් මධුෂංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක් . . .

Mon Nov 6 , 2023
බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින්ගේ සංසදය විසින් සංවිධාන කරන ලද හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව සම්මාන දිනා ගෙන ඇත. ඒ Pekoe Trail නැමති ඇවිදීමේ මාර්ගයට ය. අදාල සම්මානය ඊයේ (05) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත පිරිනමනු ලැබීය. සංචාරක ලේඛකයන්ගේ බ්‍රිතාන්‍ය සංසදය විසින් අවසන් මහා තරගයට නම් කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x