විනිසුරුට විරෝධය පා පොලිසිය උසාවියෙන් ඉවත්වේ . . .

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ (06) දි කැද වු නඩු වලට පෙනි සිටි නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් (06) දින අධිකරණ කටයුතු වලින් ඉවත් විම නිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටවා ඇත.

මහෙස්ත්‍රාත්වරිය විසින් කැදවන නඩු සදහා පෙනි සිටින පොලිස් නිලධාරින්ට සැකකරුවන් ඉදිරියේදි අපහාස වන ආකාරයෙන් බැන වැදුණේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් (06) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටි සියළුම පොලිස් නිලධාරින් අධිකරණ කටයුතු වලින් ඉවත් වි ඒ පිලිබදව නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි 01 වෙත ගොස් පැමිණිලි කිරිමට පොලිස් ස්ථානාධිපතිවරුන් කටයුතු කර ඇත.

මාස කිහිපයකම සිටම මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදි සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරින්ට අපහාස වන බැන වදින බවත්, එවන් තත්ත්වයක් මත නිල ඇදුමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොලිසියේ රාජකාරි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කියා සිටින්නේ.

මේ පිලිබදව මිට ප්‍රථම නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කල බවත්, එයට විසදුමක් නොලැබුණු නිසා තමන් (06) දින උදැසන 11.30 ට පමණ අධිකරණ කටයුතු සිදු කරමින් පැවති අවස්තාවේ අධිකරණ කටයුතු වලින් ඉවත් වු බවයි පොලිස් නිලධාරින් කියා සිටියේ.

ඩයගම , ආරපතන , තලවකැලේ , ලිදුල , නානුඔය , පට්ටිපොල , කදපොල යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් මෙසේ රාජකාරි කටයුතු වලින් (06) දින ඉවත් වි ඇත.

මේ පිලිබදව අප නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමු වි සාකච්ඡා කරන බවයි.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙරි වූ කතුන් දෙදෙනා කොස්තාපල්ට ගහලා . . .

Mon Nov 6 , 2023
කොළඹ ,ග්‍රෙගරි පාර ප්‍රදේශයේ මෝටර් රථයක් නතර කරගෙන ඊයේ (5) මධ්‍යම රාත්‍රීයේ දී එම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමක් සිදුව තිබේ.   පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි. පොලිස් කොස්තාපල්වරයා ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x