නියඟයෙන් බැට කෑ ගොවීන්ට ඩීසල් නොමිලේ . . .

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 

මෙම සහනය දෙන්න රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි  මුදලට අමතරවය.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර  කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබූ බව අමාත්‍යාංශය කියයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලලිත් කොතලාවලගේ මරණය පසුපස කණ්ඩායම් දෙකක් . . .

Tue Nov 7 , 2023
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල ව ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් පිරිසක් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔහු තවදුරටත් ජීවත් වීම අනවශ්‍ය පුද්ගලයෙකු බවට සිතා ඔහුට මරණයක් අත්පත් කර දීමට කටයුතු කර ඇති බවට තමන්ට සැකයක් පවතින බව කොතලාවල ගේ බිරියගේ සොයුරියක වන සෙරින් පේෂන් ප්‍රනාන්දු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x