රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු . . .

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර නළුවා තදින්ම කැසිනෝ සුදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රිඩාවෙන් පරදින බවද පොලිසිය පවසයි.

පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල්ල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් පැමිණි පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට පත් වු බවද පොලිසිය පවසයි.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු , හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවකු වශයෙන් ද, වෙළඳ දැන්වීම්ල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා අභාරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොර නෝට්ටු බෙදන කාන්තාව ඇල්ලීමට පොලිසිය මහජන සහාය පතයි . . .

Tue Nov 7 , 2023
ව්‍යාජ මුදල් නෝට්ටු බෙදා හැරීමකට සම්බන්ධ රත්නපුර මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති කාන්තාවක අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය මහජන සහාය පතයි. මෙම ඡායාරූපයේ සිටින තැනැත්තියට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පවරා ඇති නමුත් ඇය වෙනත් නමකින් පෙනී සිටින බවත් ඇය විසින් ලබා දී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x