හොර නෝට්ටු බෙදන කාන්තාව ඇල්ලීමට පොලිසිය මහජන සහාය පතයි . . .

ව්‍යාජ මුදල් නෝට්ටු බෙදා හැරීමකට සම්බන්ධ රත්නපුර මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති කාන්තාවක අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය මහජන සහාය පතයි.

මෙම ඡායාරූපයේ සිටින තැනැත්තියට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පවරා ඇති නමුත් ඇය වෙනත් නමකින් පෙනී සිටින බවත් ඇය විසින් ලබා දී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාන්තාවගේ සැබෑ නම කුඹලතර ආරච්චිගේ ගීතානි ධම්මිකාය. ඇය දාම්පේ සිමීගොඩ පදිංචිකාරියකි. ඇය 54 හැවිරිදි වියේ පසුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඇය පෙනී සිට ඇත්තේ හඳුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ නමකිනි. කළුතර නාගොඩ පාර පදිංචිකාරියක ලෙස ඇය තොරතුරු ලබා දී ඇති බවත් ඇය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයේ 011-2326670 පොදු දුරකතන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8594901 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටියි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නියඟයෙන් බැට කෑ ගොවීන්ට ඩීසල් නොමිලේ . . .

Tue Nov 7 , 2023
පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.  මෙම සහනය දෙන්න රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x