ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 3,540 ක් වූ නිල සංචිත වත්කම් අගය හා සැසඳීමේ දී 0.6% ක සුළු වැඩිවීමකි.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 3,492 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් මාසයේ සටහන් වූ ඩොලර් මිලියන 3,499 ට වඩා 0.2% ක පහළ යෑමක් වේ.
මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව මහ බැංකුව සඳහන් කරයි.
- aruna