ගාසාවේ හදවත උදුරා ගනී . . .

මේ වන විට ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් නතු කරගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ය.

එමෙන්ම මේ වන විට ගාසාවේ යුද ගැටුම් තීව්‍ර ස්භාවයක් ගෙන ඇත්තේ ඊශ්‍රායල හමුදා සිදුකරන ගොඩ බිම් ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ය.

මාසයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක ගාසා තීරයේ යුද ගැටුම් පැවති අතර  මිය ගිය පිරිස 10,300ක් වේ.

ඉන් 4200ක් කුඩා දරුවන් වන අතර ගාසා තීරයේ දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

මේ අතර මේ වන විට ගාසා තීරයේ ළමුන් 4200ක් පමණ මිය ගොස් තුවාල ලැබු ළමුන් ගණන 10,000කට අධික බව අශ්රෆ් අල්- කුවාද්රා – ගාසා සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක සඳහන් කළේ ය.

ඒ අනුව ගාසා තීරයේ සෑම මිනිත්තු 10කට වරක්ම ළමා ජීවිතයක් අහිමි වී යයි.

එම ප්‍රහාර වලට ගොදුරු වූවන්ගෙන් 70%ක්ම කාන්තාවන් සහ දරුවන් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව අද මුළු ගාසා තීරයම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුසාන භූමියක් වී ඇත.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිර්මාණ කොල්ලයට නිසි විසඳුමක් ඕනෑ . . .

Wed Nov 8 , 2023
ලූෂන් බුලත්සිංහල මෙරට සුභාවිත ගීතය පෝෂණය කළ ප්‍රකට ගීත පද රචකයෙකි. විශිෂ්ට නාට්‍යවේදියෙකි. ලේඛකයෙකි. ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. “අහසින් තරුවක් කඩා වැටෙනවා, දඟකාරි මං මද්දුම දෝණි, දී කිරි දී කිරි, දෙතොලෙ නොකී දේ, දම්පාටින් ලා සඳ බැස යනවා, කොළොම්තොට නැත මහලු වී, මඩේ ලගින තාරාවුන්, මිනි මිනි පොදේ ලා අඳුරේ, මුතු කුඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x