අල්ලස් ගත් කම්කරු නිලධාරියා මාට්ටු . . .

පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එම වෙළදසලෙහි සේවකයන් පස් දෙනා වෙනුවෙන් අර්ථසාධක අරමුදලට රුපියල් ලක්ෂ 11ක මුදලක් ගෙවීමට සිදුවන බවත් එම මුදල නොගෙවා සිටීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලා ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචිකරුවකු කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු බව කියන 54 හැවිරිදි පුද්ගලයෙකි.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැස්ස අස්සේ 'කරන්ට්' යනවා නම් ක්ෂණිකව කියන්න . . .

Thu Nov 9 , 2023
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත. එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x