පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බවයි.
අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නැත.
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, විශේෂ කමිටුවක් පත් කර තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි.
- aruna