වැස්ස අස්සේ ‘කරන්ට්’ යනවා නම් ක්ෂණිකව කියන්න . . .

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීම් පිළිබඳ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් පැමිණිලි යොමු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරීභෝගිකයන්ගෙන් ඉල්ලීම් කර ඇත.

පවතින තත්ත්වයන් හමුවේ කඩිනමින් බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පැය විසිහතර පුරාම මණ්ඩලය කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි . . .

Thu Nov 9 , 2023
නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමතයාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x