විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ  ක්‍රිකට් ආයතන  ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

කෙසේ වෙතත් බැංකුවේ කළමනාකාරවරයා පාර්ලිමේන්තුවේ මෙම විවාදය තිබෙන හෙයින් මුදල් නිදහස් කිරීමට ඉහළින් උපදෙස් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ  අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රොෂාන් රණසිංහ මෙසේද පැවසීය.

මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකෙ පුද්ගලයකු අද රටේ නෑ. තවත් කල් මැරීම තුළ වෙන්නේ මොකක්ද. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල 

ඔබතුමා දැන් මේ නඩුවට ඇතුළු වෙන්න ඕන. ඒ අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න ඔබතුමා මැදිහත් වෙන්න ඕන. මම ඔබතුමාට ඒක ඊයේ කිවුවා.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස 

මේක බලු වැඩක්. මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා. දැන් ජනාධිපතිතුමාට දුරකතන පණිවුඩයක් දීලා මේක කියන්න ඕන.

රොෂාන් රණසිංහ 

අද ලේකම් නැහැ. ඩොලර් මිලියන දෙකක් ගන්න අනුමැතිය ගැනීම ප්‍රශ්නයක්.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රොබෝවරයෙක් මිනිසෙක් මරයි . . .

Thu Nov 9 , 2023
දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් පුද්ගලයෙකුව පොඩි කර මරා දමා ඇති බව බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත. රොබෝ තාක්ෂණය භාවිතයට ගන්නා සමාගමක සේවකයෙකු වන 40 හැවිරිදි මෙම පුද්ගලයා, රොබෝවරයා පරීක්ෂා කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ. එම ආයතනයේ, එළවළු පෙට්ටි අසුරමින් සිටින අතරතුර ආහාර පෙට්ටිවලින් සේවකයාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x