අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක් . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි.

මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වන අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම 401 වතාවක් ක්‍රීඩා කර ඇත.

මීට අමතරව ඔහු ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුකුළු මස් පිට රටින් ගේන්නට රජය සූදානම් . . .

Fri Nov 10 , 2023
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ මේ වසර අවසාන වන තුරුම බිත්තර ආනයනය සිදු කරන බවයි. තවද මේ වන විට කුකුළු මස් මිල ද අඩු කිරීමට රජයට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” සෑම මසකම මෙරටට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x