කුකුළු මස් පිට රටින් ගේන්නට රජය සූදානම් . . .

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ මේ වසර අවසාන වන තුරුම බිත්තර ආනයනය සිදු කරන බවයි.

තවද මේ වන විට කුකුළු මස් මිල ද අඩු කිරීමට රජයට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩා වැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.

පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වනතුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව පළමු සම්පූර්ණ ඇස් බද්ධය සාර්ථකයි . . .

Fri Nov 10 , 2023
අමෙරිකාවේ නිව් යෝර්ක් රෝහලකදී පළමුවරට පුද්ගලයෙකු ට සම්පූර්ණ ඇසක් බද්ධ කිරීම සිදුකර තිබුණි. අදාල සැත්කමට මුහුණ දී තිබුණේ ආරොන් ජේම්ස් නමැති 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිය සේවා ස්ථානයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුට වම් ඇස සහ මුහුණේ කොටසක් අහිමි වී තිබුණි. පසුගිය මැයි මාසයේදී, NYU Langone Health රෝහලේදී ශල්‍ය වෛද්‍යවරුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x