සිය ජන ජීවිතවලට එල්ලවන බලෑම් සම්බ්නධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරාංජි ග්‍රාම නිලධාරී වසමේ ඉදි කිරීමට සූදානම් වන ටෝකියෝ සිමෙන්ති කම්හලට විරෝධය දක්වමින් එම ග්‍රාම නිලධාරී වසමට අයත් ගම්මාන 05ක දහස් ගණනක ජනතාව අද (10) එම ප්‍රදේශයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
ධීවර රැකියාවෙන් සහ ගොවිතැනින් ජීවන්වන එම ජනතාව පවසන්නේ මෙම ෆැක්ටරිය ඉදිරීමත් සමග ඒ සඳහා අවශ්‍ය හුණුගල් ඇතුළු අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා තම වගාබිම් සහ මුහුද ආශ්‍රිත බිම්කඩවල් එම සිමෙන්ති කර්මාන්ත ශාලාවට ලබාදීමට නියිමිත බවත් ඒ හේතුවෙන් ජන ජීවිත ආඩාල වන බවත්ය. ලබාදෙන මුහුද ආශ්‍රිත බිම්කඩවල් හෑරීමෙන් මුහුදු ජලය ගොඩමිට කාන්දු වන බවත් එවන් විශාල විනාශයකින් තම ධීව රැකියාවද අවදානමකට පත්වන බවත්ය.
හුණුගල් කැඩීම සඳහා කුඹුරු ඉඩම් ලබාදීමෙන් කුඹුරු විනාශ වී තම වගාවන් සිදු කිරීමට නොහැකිවන තත්වයකට පත්වන බවත්ය.
මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත පසුගියදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අනාවරණයක්ද සිදු කළ අතර අද පැවති විරෝධතාවය සඳහා දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව ගණනාවක් එක් වී සිටියහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය කාරක සභාපති රාමලින්ගම් චන්ද්‍රසේගර්ද එක්වී සිටියහ.