මළ සිරුරු සෙවීමට ඊශ්‍රායලයට උදවු කරන කුරුල්ලන් . . .

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ දී මිය ගිය අයගේ මළ සිරුරු සෙවීමට පක්‍ෂීන් යොදා ගන්නා බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය එල්ල කළ ස්ථානවල මළ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායල හමුදාවට උදව් කිරීම සදහා පරිසරවේදියෙකු කුරුල්ලන් භාවිතා කර ඇත.

ඒ අනුව ඊශ්‍රායලයේ ස්වභාවධර්ම හා උද්‍යාන අධිකාරියේ පරිසරවේදියෙක්වන ඕහඩ් හැට්සෝෆ් විසින් GPS ලුහුබැඳීමේ උපකරණ පක්‍ෂීන්ට සම්බන්ධ කර ඒවා භාවිතයෙන් පක්ෂීන්ගේ සංක්‍රමණ රටා නිරීක්ෂණය කර මෙම සිරුරු සෙවීම සිදු කරයි.

ඒ අනුව මෙම ක්‍රමවේදය අනුව ලැබෙන දත්ත අනුව මළ සිරුරු හතරක් සොයා ගැනීමට සමත්ව තිබේ.

තවත් කුරුල්ලෙකු තවත් මළසිරුරු සහිත ස්ථාන කිහිපයක් සොයා ගෙන ඇත.

රාජාලීන්, ගිජුලිහිණියන් වැනි පක්‍ෂීන් මේ සඳහා යොදා ගැනේ.

ඒ අනුව මෙම පක්‍ෂීන්ගෙන් ලබනා ගන්නා දත්ත මළ සිරුරු සොයා ගැනීම සදහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමඟ බෙදා ගන්නා බව සදහන්ය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස් රථවලට GPS ඇතුළු කොන්දේසි රැසක් . . .

Sat Nov 11 , 2023
බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබා දීමේදී අදාළ බස්රථවල GPS තාක්ෂණය පැවතීම අනිවාර්ය කරන ලෙසට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දී තිබේ. ඒ, එම කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් නොවැ. 7 වන දින පාර්ලිමෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. නව බස් නැවතුම්පළක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x