පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් . . .

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ.

එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ ඉහළ යා හැකි බව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ලබන වසරේ (2024) සිට 18%ක් දක්වා වැට් බද්ද වැඩි කිරීමට රජය තීරණය කළේ ය.

එහෙත්, පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම වැට් බද්ද අය නොකළ අතර මෙම යෝජනාවලට අනුව පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම බදු අය කිරීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇත.

මීට අදාළව 18%ක් දක්වා වැඩි කළ වැට් බද්දට දැනට පනවා තිබෙන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද සහ ‘සෙස් බද්ද’ ඉවත් කිරීම මගින් මීට අදාළව එම අගය 10%ක් පමණ පහළ යා හැකි අතර ඒ අනුව, පෙට්‍රල්, ඩීසල් මිල එම අගයට සාපේක්‍ෂව ඉහළ යා හැකි බව ‘කෝප් ’ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලසක් ගන්න ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති දැලේ . . .

Sat Nov 11 , 2023
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේධීය. අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙකුද සිටින අතර අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග අනුව අල්ලස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x