ජංගම දුරකථන සිම්පත ලියාපදිංචියට ජංගම සේවාවක් . . .

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම කොමිෂන් සභාව පවසනවා.

එසේම තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාව දැනුම් දෙන්නේ තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරීමට සිදුව වන බවයි.

තමන් භාවිතා කරනු ලබන සිම්පත් තමා ගේ නමට ලියාපදිංචි වී නොමැති නම් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම සමඟ සම්බන්ධ වී සිම්පත ලියාපදිංචි කර ගැනීමට කටයුතු කරන ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

  • Hashini

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායකගෙ කප්පම් සිද්ධියේ ලොක්කා මාට්ටු . . .

Sun Nov 12 , 2023
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 240 පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x